• May 17, 2024

Playpointz Store එකේ ඔයාට ගන්න හැකියාව තියන තෑගි, එහෙමත් නැත්නම් items තියනවා…මෙන්න මේ Playpointz Store විවිධ tags යටතේ වර්ග කරල තියනව සමහරවිට  ඔයාට දකින්න ලැබිල ඇති. ඒ එක් එක් tags වලින් item එක ඒ මොහොත වන විට තියන තත්වය විස්තර කරනවා. 

මොනවාද මේ “Tags”?

  • Waiting

Waiting කියන  tag එකත් එක්ක තියන items ඔයාට අනාගතයේ දවසක redeem කරන්න පුළුවන්. item එකක් active වෙන්න ඒ කිව්වේ ඔයාට ගන්න පුළුවන් තත්වයට පත් වෙන්න කිසියම් කාල සීමාවක් ගත වෙනවා. ඉතින් ඒ දක්වා item එක “waiting” tag එක යටතේ තමයි තියෙන්නේ. මේ විදියට item එකක් waiting විදියට තියන කාල සීමාව ඔයාට හරියටම දින, පැය, මිනිත්තු, තත්පර වලින්ම පැහැදිලිව බලාගන්න පුලවන්. කිසියම් item එකක් redeem කරගන්න ඔයා බලාපොරොත්තුව ඉන්නවා නම් මේ කාලය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. 

  • Active

item  එකේ waiting කාලසීමාව සම්පුරණ වූ සැනින්  එම item එක active වෙනවා. මේ මොහොත වෙනකොට ඔයා එයට අදාල pointz ප්‍රමාණය රැස් කරල තියනව නම් මේක ඔයාගෙ අවස්ථාව.

දැන්ම redeem කරන්න!!!

  • Taken 

item එක දැනටමත් කව්රුහරි කෙනෙක් redeem කරලා නම් ඔයාට ඒක ලබාගැනීමේ හැකියාවක් නැහැ. ඒ විදියේ items “Taken” tag එක යටතේ වර්ග කරල තියනවා. 

  • Time out

මෙහෙම හිතුවොත්? 

කිසිම කෙනෙක්ට redeem කරගන්න නොහැකි වුන items තියෙන්න බැරිද ?

ඔව් තියෙන්න පුළුවන් …

ඒ විදියේ items “time out” tag එක යටතේ වර්ග කරල තියනවා. 

ඉතින්, 

මේ විදියට අදාළ item එක ඒ මොහොතේ තියන තත්වය tags වලින් ඔයාට නිරවුල්ව දැනගන්න හැකියාව තියනව. මේ tags ගැන හොඳ අවබෝධයකින් ,උපක්‍රමශීලිව සහ අවධානයෙන්  තරඟ කලොත්  ඔයාගේ dream item එක තවදුරටත් සිහිනයක් නෙමෙයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *